Kitchen
ටේස්ට් සලාද
මෙම කෑම වර්ගවලින් බොහොමයක් සාදා ගන්නට ඔබ දන්නවා.බලන්න ඔබත් මේ කෑම සාදා ගැනීමේදී මෙහි සඳහන් ක්‍රම අනුගමනය කරන්නත් ඒ ඒ කළමනා එකතු කරන්නත් පුරුදුව සිටිනවාද කියලා ...
1. පොල් සම්බෝලය
පොල් සම්බෝලයට උම්බලකඩ කුඩු සහ කුඩාවට කැපූ කත්කාලි කැබැලි ස්වල්පයක් එකතු කර ගන්න.
2. ගොටුකොළ සම්බෝලය
ඔබ විසින් සාදාගත් ගොටුකොළ සම්බෝලයට පිපිඤ්ඤා, කැරට්, පතෝල වැනි එළවළු වර්ගයක් සිහින්ව කපා එකතු කර ගැනීමෙන් වැඩි ගුණයක් ලබාගත හැකියි.
3. පතෝල සම්බෝලය
පතෝල සලාදය වඩාත් රසවත් වන්නේ ඉතා සිහින්ව කැපූ පතෝල යොදා සෑදූ සලාදයට උකු පොල් කිරි ස්වල්පයක් එකතු කිරීමෙනි. පතෝල සලාදයට සාමාන්‍යයෙන් එකතු කරන ගම්මිරිස් වෙනුවට මිරිස් කුඩු ස්වල්පයක් එකතු කර ගැනීමෙන් රසයේ වෙනසක් ඇතිවේ.
4. මුකුණුවැන්න සලාදය
මුකුණුවැන්න සලාදය වඩාත් රසවත් වන්නේ ඉතා සිහින්ව ලියා රතුලූනු සහ උම්බලකඩ කුඩු එකතු කළ විටය.
5. අන්නාසි අච්චාරුව
අන්නාසි අච්චාරුව අමුකජු රතුලූනු, අමුමිරිස්, සීනි, මිරිස් කුඩු, විනාකිරි ආදිය එකතු කර ගන්න.
6. රටඉඳි සලාදය
හොඳින් සෝදා ඇට ඉවත් කරගත් රට ඉඳි සලාදය වඩාත් රසවත් කර ගැනීමට මාළු මිරිස්, බී ලූනු අඹ හෝ ඇඹරැල්ලා සිහින්ව ලියා එකතු කරගත හැක.
7. ළපටි කොහිල අල සලාදය
.ළපටි කොහිල අල සලාදයට සිහින්ව ලියාගත් කොහිල අල වලට රතුලූනු, අමු මිරිස්, ගම්මිරිස් කුඩු, දෙහි ඇඹුල්, ඇඹරූ අබ ආදිය යෙදීම සුදුසුය.
9. තක්කාලි සලාදය
තක්කාලි සලාදය වඩාත් රසවත්වීමට මට දෙහි ඇඹුල් එකතු කරන්න.
10. ගෝවා සම්බෝලය
අමුු ගෝවා සම්බෝලයට මිටිකිරි වලින් අඹරාගත් අබ ස්වල්පයක්ද එකතු කරන්න.
11. සැමන් සම්බෝලය
මෙයට ළුණු, අමු මිරිස් ,දෙහි, ලුණු ගම්මිරිස් කුඩු වලට අමතරව සිහින්ව ගාගත් කැරට් ස්වල්පයක් ගැඹුරු තෙලේ බැදගත් සුදුළුනු ගෙඩියක් තලා හෝ අඹරා සිහින්ව ලියාගත් කරපිංචා සමග බටර් හෝ මාගරින් ස්වල්පයක් එක් කලවිට වෙනස්ම රසයක් උපදී.(*මෙය සැන්ඩ්විච් වලට පිරවුමක් ලෙස කදිමයි.)
12. පිපිඤ්ඤා සලාදය
පිපිඤ්ඤා සලාදයට උම්බලකඩ කුඩු රතුලූනු දෙහි ඇඹුල් තෙලට දැමූ සහ අබ මිටක් එකතු කර ගන්න.
13. කැරට් සම්බෝලය
කැරට් සම්බෝලය වඩාත් රසවත් වන්නේ සිහින්ව ගා ගත් කැරට් වලට ගම්මිරිස් කුඩු, ගාගත් පොල්,උම්බලකඩ ,අමුමිරිස් සහ දෙහිඇඹුල් නිසි පමණ එකතු වීමෙනි
14. කතුරුමුරුංගා සම්බෝලය
කතුරු මුරුංගා සිහින්ව ලියා අමුමිරිස්, රතුලූනු, දෙහිඇඹුල් හා ගාගත් පොල් එකතු කර සාදා ගන්නා කතුරමුරුංගා සම්බෝලය රසවත් මෙන්ම ගුණවත් කෑමකි.
15. ලීක්ස් සලාදය
.ලීක්ස් සලාදයට මාළු මිරිස්, බී ලූනු එකතු කර ගැනීමෙන් වඩාත් රසවත් වෙයි
16. ගොඩ කිරි හොද්ද
ගොඩකිරි හොද්ද මේ සඳහා මිටි කිරි වලට දෙහිඇඹුල්, ලුණු කැට, ලියාගත් අමු මිරිස්, ලුනු සහ අඹරාගත් අබ ස්වල්පයක් එකතු කර ගන්න. කැමති නම් කහ කුඩු ස්වල්පයක් ද එක්කර ගත්තාට වරදක් නැත. ගැඹුරු තෙලේ බැදගත් හෝ පුච්චා ගත් මිරිස් කරලක් කැබලි වලට කඩා දැමීමෙන් පෙනුම වැඩි දියුණු වේ. මෙය ළිප තබා උතුරා ගැනීමක් නොකරන නිසා අහාර ගැනීමට ආසන්නව සාදාගත යුතුයි.
17. මාළු අච්චාරු
මාළු අච්චාරුව සාදා ගැනීමට ගින්දර අවශ්‍ය නූනත් සති තුනක පමණ කාලයක් ගතවේ. මේ සඳහා ඔබ තෝරාගත් ඕනෑම මාළු වර්ගයක් හොඳින් සෝදා පිරිසුදු කොට සිහින් පෙතිවලට කපා දියලුණු, ඇඹරූ ගොරකා, කහකුඩු, විනාකිරි, අඹරාගත් අබ, අඹරාගත් ගම්මිරිස්, රතුලූනු, අමුමිරිස්, කුරුඳුපොතු, සාදික්කා කුඩු එන්සාල්, කරාබුනැටි කුඩු, සීනි ස්වල්පයක්, එකතු කොට පිරිසුදු වියළි මැටි බඳුනක බහා පත්තර කොළයකින් වසා ගැට ගසා තබන්න. දින දෙකකට වරක් වියළි පොල්කටු හැන්දකින් මෙය කළවම් කරන්න. සති තුනකට පසුව ආහාරයට ගත හැකියි. අමු තක්කාලි, මාළු මිරිස් කපා මෙයට එක්කර ගත හැකියි
18. තෝර මාළු සලාදය
තෝරමාළු සලාදය මේ සඳහා සිහින්ව කපාගත් තෝර මාළු පෙති කීපයක්, දියලුනු, ගොරකා, විනාකිරි, අඹරාගත් අබ, ගම්මිරිස්, කුරුඳු යොදා සති තුනක් පමණ වියළි මැටි මුට්ටියක බහා වසා තැබීම කළ යුතුය. මාළු ආහාරයට අර ගන්නා විට බී ලූනු, අමුමිරිස්, තක්කාලි, ලියාගත් කැරට්, කැපූ පිපිඤ්ඤා, සලාද කොල ආදිය එකතු කරගෙන සලාදයක් සාදා ගත හැකියි. ගම්මිරිස් කුඩු, හා ලුණු කුඩු ඇති තරමට පසුව එකතු කර ගන්න.
19. අමු හාල්මැස්සන් අච්චාරුව මේ සඳහා අමු හල්මස්සන්, දියලුනු, ගොරකා, විනාකිරි, අඹරාගත් අබ, ගම්මිරිස්, කුරුඳු යොදා සති තුනක් පමණ වියළි මැටි මුට්ටියක බහා වසා තැබීම කළ යුතුය. මාළු ආහාරයට අර ගන්නා විට බී ලූනු, අමුමිරිස්, තක්කාලි, ලියාගත් කැරට්, කැපූ පිපිඤ්ඤා, සලාද කොල ආදිය එකතු කරගෙන සලාදයක් සාදා ගත හැකියි. ගම්මිරිස් කුඩු, හා ලුණු කුඩු ඇති තරමට පසුව එකතු කර ගන්න.
20. එළවළු පලතුරු අච්චාරුව
එළවළු අච්චාරුව සහ පලතුරු අච්චාරුවක් ඔබ කැමැති එළවළු හා පලතුරු වර්ග තෝරාගෙන සකසා ගත හැකියි. එළවළු හා පලතුරු අච්චාරු දින කීපයක් ගත වන්නට පෙර ආහාරයට ගත හැකියි.
22. ලුණුමිරිස ලූනු සම්බෝලය
ලුනු මිරිස් හා ලූනු සම්බෝලය ඔබ නිතර නිතර බත් හෝ පාන් සමග ආහාරයට ගන්නවා ඇති. ඒවා සාදා ගැනීමේදී සියලු කළමනා නිසි පමණ එක් කිරීමෙන් වඩාත් රසවත් වෙයි.